Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවට විරෝධතා ගොනු කරන්න හිටපු ජනපති මෛත්‍රීට කල් දෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ඉදිරි සති තුනක් ඇතුළත ගොනු කරන්නැයි එහි වග උත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) කල් ලබා දෙන ලදී.

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මෙලෙස හිටපු ජනාධිපතිවරයාට කල් ලබා දෙන ලදී.

මෙම පෙත්සම එල්.ටී.බී.දෙහිදෙනිය , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි. එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා පෙනී සිටියේය.

තම සේවාදායකයා වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙනන්නැයි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අද දින සිට සති තුනක් ඇතුළත එම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට කල් ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එතැන් පටන් සති තුනක් ඇතුළත ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් ජුනි මස 26 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ විරාන් කොරයා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ වග උත්තරකාර හිටපු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා ද වග උත්තරකාර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරුන් ද පෙනී සිටින ලදි.

Related posts

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

Admin

මුස්ලිම් රටවල් වැනසූ බලවේග අප රටටද අතපොවා ඇත, එක්වී පොදු සතුරා පරදමු.. හිටපු ජනපතිගෙන් මුස්ලිම් ජනතාවට ඇරයුම්

colombotoday