Colombo Today Local News

නීතියට වැඩ කරන්න ගිය රජයේ නිලධාරියෙකුට මන්ත්‍රී නවීන් තග දමයි… සරම උස්සාගෙන බැණ වදී !

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රාජකාරිය කරමින් සිටි නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කරමින් බාදා කර තිබේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ඉදිකර තිබූ අනවසර ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.

අදාළ අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී ඇති නිසා එය ඉවත් කර ගන්නැයි කල දැනුම් දීම් නොතකා මෙතෙක් ඉවත් නොගැනීම හේතුවෙන් නිලධාරීන් පැමිණ එය ඉවත් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

රාජකාරිය සිදු කිරීමට පැමිණි තමන්ට බලපෑම් නොකරන ලෙස නිලධාරියා කොතෙක් ඉල්ලා සිටියේ ද ඇමැතිවරයා ඉතා අශීලාචාර ලෙස එහිදී නිලධාරියාට බැන වැදුණේය.

අවසානයේ නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේ පැය 48ක් ඇතුලත මෙම ගොඩනැගිල්ල ඉවත් කරගන්නා ලෙසයි. මන්ත‍්‍රීවරයා විසින් අනියමින් මරණ තර්ජනය කල බව පසුව මාධ්‍ය අමතමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා පැවසීය.

Related posts

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

රවුෆ් හකීම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි. | නාමල් රාජපක්ෂ කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි.

colombotoday

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන 1977ට දැනුම් දෙන්න

Admin

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday