Colombo Today Local News

විත්තියට වාසියට තීන්දුව දෙන්න අල්ලස් ගත් හිටපු හෝමාගම දිසා විනිසුරු වසර 16ක් සිරගෙට !

නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද(20) බරපතල වැඩ සහිත වසර 16 ක් බැගින් සිරදඬුවම් නියම කර ලදී

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20000/- බැගින් දඩ ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ තුනක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට නියෝග කරන ලදී.

2013 වසරේ මැයි මස 27 වැනිදා සහ 05 වනදා අතර කාලසීමාව තුල හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි දීපිකා ශ්‍යාමලී නැමැති කාන්තාවක් විසින් හෝමාගම දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව වගඋත්තරකාර පාර්ශවයට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ හිටපු දිසාවිනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි.

Related posts

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin