Colombo Today Local News

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු හමුවී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිනි. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසේ.

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත මෙම විමර්ශන අරඹා තිබිණි.

එම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබී ඇත. එම හේතුවෙන් රහස් පොලිසිය විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

කෙසේ වෙතත් තිඹිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවස වටලා සොයාගත් ලිපිගොනු අතර මෙම ලිපිගොනුත් හමුවී තිබේ.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී.ඩී. සිල්වා ඇවනිව්හි ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇත.

මොහොමඩ් ඉම්රාන්ගේ නිවසින් සොයාගත් ලිපිලේඛන අතර ඉඩම් ඔප්පු 120ක් පමණ ද හමුවී තිබිණි.

– aruna

Related posts

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday

වැලිකඩ සිද්ධියෙන් මියගිය රැදවියන්ට ලක්ෂ 200ක් වන්දි !

colombotoday

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති

colombotoday

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday