Colombo Today Local News

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
 
වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.
 
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
 
වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

Related posts

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday