Colombo Today Local News

ජනපති, අගමැති ආරක්ෂකයින් මාව බස්සලා පයින් යැව්වෙ නෑ…

ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් වාහනයෙන් බස්සවා පයින් යැවූ බවත් ඒ නිසා නිදහස් උළෙල වර්ජනය කළ බවටත් සමාජ ජාල මාධ්‍ය වල පැතිර යන පුවත අසත්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ බව සඳහන් කරමින් එම ඒකකය විසින් මුඛයට නිවේදනය මෙහි දැක්වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි. ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී.

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු.

– මාධ්‍ය ඒකකය

Related posts

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday