Colombo Today Local News

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කාවට විරුද්ධව කතා කල තරුණයාට මරණ තර්ජණ

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කවට විරෝදය දැක්වූ තරුණයාට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් දැනට පදිංචි නිවස අතහැර ගිය බව වාර්තා වෙනවා.

ප්‍රදේශයේ මුස්ලිම් ජාතික දේශපාලකයෙකුගේ ගෝලයින් පිරිසක් මෙම තරුණයාගේ නිවස පිහිටි ප්‍රදේශයට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදී සොයා ඇති බවත් ඔහු නිවස අතහැර ගොස් ඇති බැවින් පිරිස ආපසු ගිය බවත් ප්‍රදේශයේ තරුණයෙකු අප සමග සඳහන් කර සිටියා.

එම තරුණයා ඉතාලියේ රැකියාවක නිරත වන අයෙකු වන අතර නිවාඩුවකට මෙරටට පැමිණ අවස්ථාවේදී යි වත්තල ආපිකෝ ආයතනයේදී මෙම සිද්ධිය වී ඇත්තේ.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බුර්ඛා ඇදුම පිළිබදව දැඩි සමාජ භීතියක් ඇතිවිණි. ප්‍රහාරයෙන් පසුව හදිසි නීතිය යටතේ බුර්ඛාව තහනම් කළද එම නීතිය ඉවත් කිරීමෙන් පසුව ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල බලපෑම මත බුර්ඛාව පැලදීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් පුද්ගල අනන්‍යතාවය හදුනාගත නොහැකි මෙම වස්ත්‍රය නිසා සමාජ ආරක්ෂාව තවදුරටත් දැඩි අනතුරක පවතින අතර ඊට එරෙහිව සමාජ විරෝධයද පහව ගොස් නැත.

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

colombotoday

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin