Colombo Today Local News

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන්ව තිබේ.

මෙහිදී එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ඊට අමතරව මහ මැතිවරණයට තරග කරන සන්ධානයේ නායකත්වයද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

මේ අතර පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව තිබේ. යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතිත්දා රැස්වීමට නියමිතව තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට 59ක් නම් කළ බවත් එයින් 37ක් අද පැවැති රැස්වීමට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්විය නොහැකි බවට 6 දෙනෙක් සඳහන් කළ  බවත් සාමජිකයන් 16ක් නොපැමිණි බවත් ඔහු පැවැසීය.

Related posts

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

colombotoday