Colombo Today Local News

කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා

කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බවද එතුමෝ පැවසූහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී එතුමන් මේ බව කියා සිටියේයෙ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බවද මැල්කම් කාදිනල්තුමන් වැඩිදුරටත්පැවසුහ.

Related posts

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

මුලතිව් කැලෑවක පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

colombotoday