Colombo Today Local News

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

මහ බැංකු බැඳුම්කර සිදුවීමට තමන්ගේ කිසිම සම්බන්ධයෙක් නොැති බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිව ඇතිව තිබෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

 “වෝහාරික විගණන වාර්තාවෙන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කළාද? දැන් පැහැදිළියි නේද මම සම්බන්ධයක් නැහැ කියලා.

කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002  සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ වැරදි නැහැ. වැරදි දේවල් අපි කෝප් කමිටුවට භාරදිය යුතුයි. මෙහි සැබෑ ප්‍රශ්නකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේම දෙතුන්දෙනෙක්.

මලික් සමරවික්‍රම, මංගල සමරවීර,මේ වගේ කට්ටිය එරාන් වික්‍රමසිංහ, කබීර් හෂීම්, හර්ෂ සිල්වා, සුජීව සේරසිංහ නිකරුණේ පක්ෂයට ප්‍රශ්නයක් ඇතිකළා. ඒ අය පක්ෂයට ඇති කළ වැරැද්ද අද අපි නිවැරදි කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය නිකරුනේ ප්‍රශ්න වලට පැටලුනා. බැණුම් ඇහුවා. නමුත් අවසානයේ අපි ජය ගත්තා”

Related posts

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙ

colombotoday

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

colombotoday