Colombo Today Local NewsHot News

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

avantgurd lostඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා ඇතැයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ වානිජ නෞකා ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.

මේවන විට ඇවන්ට්ගාඩ් සතුව පැවති ආරක්ෂක අවි දක්ෂිණ නාවික ආඥාපතිවරයා විසින් ලබාගෙන ඇති බවත්, එයින් මෙතෙක් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකාවන්ට තවදුරටත් ආරක්ෂාව සැලසීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාදාමය හිටි අඩියේ ඇණහිටීම හේතුවෙන් අද උදෑසන ජාත්‍යන්තර ‍වෙළඳ නෞකා 6ට නාවික ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, එසේම ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන නෞකා 2ට ආරක්ෂාව සැලසීසට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේවන විට විදේශ රටවල් 5ක ක්‍රියාත්මක වූ තම සමාගමේ කාර්යාල වසා දමා එහි කාර්යාල උපකරන විකුණා දමා කාර්ය මණ්ඩල සේවක/සේවිකාවන්ට ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව නිලන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ආරක්ෂක අමාත්‍යාංශය කළ විමසීමකදී සඳහන් කළේ වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදිමත් සමග එම නෞකා ආරක්ෂාව නොමැතිව ගමන් කිරිමට නොහැකිව ජාත්‍යන්තර මුදුදේ නවතා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.

ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 12 දිනය තුල නෞකා 37 කට ආසන්න ප්‍රමාණයකට අදාල ආරක්ෂාව ලබාදී ඇති බවයි.

නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කටයුතු නාවික හමුදාව මගින් කිසිදු ගැටළුවකින් තොරව සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඇවන්ගාඩ් සමාගම සතු අවි ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගනු ලැබුණි.

– අද දෙරණ

Related posts

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday

ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

colombotoday