Colombo Today Local News

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

ගෝලීය සංචලතා දර්ශකය (Global Social Motihity Index) 2020 වර්ෂය වෙනුවෙන් සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් 08 අතුරින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ලොව රටවල් 82ක් සම්බන්ධව ගෝලීය සංචලතා දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සිදුකරයි. ඒ සඳහා එම රාජ්‍ය්‍යන්වල සෞඛ්‍ය, අධ්‍යාපනය, තාක්ෂණික මෙහෙයුම්, රැකියා අවස්ථා, රැකියා සුරක්ෂිතතා, සාධාරණ වැටුප් සහ සමාජ ආරක්ෂණය වැනි නිර්ණායක රැසක් සලකා බලයි.

දරුවකු වැඩිහිටියකු බවට පත්වීමේදී ඔහුගේ හෝ ඇයගේ මාපිය පරම්පරාවට වඩා සමාජයීය, ආර්ථික ආදී සෑම අංශයකින්ම දියුණු පුද්ගලයකු බවට පත්වීමට අදාළ රාජ්‍යය දක්වන දායකත්වය අනුව මෙහි ශ්‍රේණිගත කිරීම් වැඩිදුරටත් සිදුකරනු ලැබේ.

සංචලතා දර්ශකයේ 2020 වර්ෂයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයයි.

අනෙක් පළමු ස්ථාන 09යේ ස්ථානගතවී ඇත්තේ යුරෝපා සංගමයට අයත් කුඩා එහෙත් ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයන්ය. දර්ශකයේ 11 වැනි හා 12 වැනි ස්ථානද යුරෝපා රාජ්‍යයන් වන ජර්මනිය හා ප්‍රංශය දිනාගෙන ඇති අතර ආසියානු කලාපය වෙනුවෙන් ජපානය 15 වැනි ස්ථානයට පත්ව ඇත. ලෝක ආර්ථික බලවතුන් වන ඇමෙරිකාව, චීනය, රුසියාව සහ එක්සත් රාජධානිය පිළිවෙළින් ශ්‍රේණිගත කිරීම්වල 27, 45, 39, 21 යන ස්ථානවල ස්ථානගතව ඇත.

ශ්‍රී ලංකාව දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා බවට පත්වෙද්දී සමස්ත ශ්‍රේණිගත කිරීම්වල රැඳී ඇත්තේ 59 වැනි ස්ථානයේය. කලාපීය අනෙක් රාජ්‍යයන් වන ඉන්දියාව 76 වැනි ස්ථානයේද, පාකිස්තානය 79 වැනි ස්ථානයේද, බංග්ලාදේශය 78 වැනි ස්ථානයේද රැඳී

Related posts

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday