පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විපක්ෂ නායක ධුරයට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළග අසුන රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් වුවද ඔහු එම අසුන ප්‍රතික්ෂේප කර ඇති බැවින් වෙනත් ආසන පේලියක අසුන් වෙන් කර ඇති බවද වාර්තා වේ.