Colombo Today Local News

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අවධාරණය කරයි.

දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව එතුමා පවසා සිටියි.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බවත් සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවත්  මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවයකයන්ගේ ප්‍රමුඛ වගකීමක් වන බැවින්  එහිදී විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරිම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය හෙයින් බවත්  ජනාධිපතිතුමා  මෙහිදි පැවසීය.

රාජ්‍ය සේව සියලු අක්‍රමිකතා බැහැර කළ දෛනික ජන ජිවිතයට වැදගත්වන රාජ්‍ය ආයතනවල  අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇතැයිද  එතුමා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බව පැවසූ ජනාධිපතිතුමා යළි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද අවධාරණය කළේය.

අල්ලස්  ගන්නන් සේම, දෙන්නන්ද නීතියේ රැහැනට හසු කර ගැනිමට අපේක්ෂා කෙරේ.

විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීමට සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකිමක් බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

Related posts

ඩොලර් මිලියන 800ක් රටට ගේන්න සැලසුම්කල ව්‍යාපෘතියක් දේශපාලකයන් වැනසූ හැටි මෙන්න – නිශ්ශංක සේනාධිපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

colombotoday

වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි | ඇමැති ඉවත් කරන්නැයි විපක්ෂනායක ඉල්ලයි

colombotoday

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

තහනම් කොට ඇති ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලංකාවට – ආරාධනය ජනපතිගෙන් සහ විදේශ ඇමතිගෙන්

colombotoday

මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…

Admin

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday