Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් පසුගිය රජයේදි මෙහෙයවන ලද අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳ  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය රජයේ වැඩිම ආයතන ගණනාවක් ගණනාවක් හෙබවූ බලවත්ම ඇමතිවරයා වූයේ රිෂාඩ් බදියුදීන් ය.

මේ අනුව රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කිරීමට සියල්ල සුදානම් බවද වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකෙරේ.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අගහරුවාදා… ශ්‍රීලනිපයේ 5කුත් එයි…

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

colombotoday

ජනපති ඝාතනය වුණොත් වාසයි එජාපයටයි… අගමැති රනිල් ‘වැඩ බලන ජනපති‘ වීමේ සිහිනයකට…

colombotoday