Colombo Today Local News

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

ltte presonerඑල්. ටී. ටී. ඊ. සැකකරුවන්ට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂේප කර යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ පෙරවරුවේ කළ නියෝගයෙන් කුපිත වූ ඔවුන් ඊට විරෝධය පළ කරමින් කෑ කෝ ගැසීම නිසා ඊයේ අධිකරණය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවක්‌ ඇති විය.

මෙම නොසන්සුන්තාව උද්ගතවූයේ මෙම සැකකරුවන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදීය. මෙම එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියමිත බවට ප්‍රචාරයක්‌ පැතිර තිබිණි.

ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු ඔවුහු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට අධිකරණයෙන් පිටතට ගැනීමේදී රජය තමන්ට දුන් පොරොන්දු ඉටුනොකළ බවත් තමන් රැවටීමට ලක්‌කළ බවත් පවසමින් විරෝධය පළ කළහ.

අධිකරණයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදී කෑ කෝ ගසමින් විරෝධය පළකළ සැකකරුවන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය දැඩි පරිශ්‍රමයක්‌ දැරූ අතර ඔවුහු බන්ධනාගාර බස්‌රථයට ගොඩකළ පසු බස්‌ රථය තුළදීද කෑ කෝ ගසමින් විරෝධය පළ කළහ.

මෙම සැකකරුවන් නිදහස්‌ කරගැනීම සඳහා මූලිකව කටයුතු කරන දේශපාලන සිරකරුවන් නිදහස්‌ කර ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ශක්‌තිවේල් පියතුමා පැවසුයේ මෙම සැකකරුවන්ට ඇප ලබාදීම මඟහැරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. මොවුන්ට පොරොන්දු වූ පරිදි ඇප ලබාදීමට කටයුතු නොකොට උපවාසයේ නිරත එක්‌ සැකකරුවකුගේ හෝ ජීවිතයක්‌ අහිමි වුවහොත් එය විශාල කෝලාහලයක්‌ බවට පත්වනු ඇති බවද පියතුමා පැවැසීය.

-දිවයින

Related posts

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

colombotoday

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයි

Admin

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday