Colombo Today Local News

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පළමු වරට රැස්වූ අතර එහිදී දැනට පවතින බදු රැසක් අහෝසි කිරීමට හා ප්‍රති ශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 15% මට්ටමේ තිබූ වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට තීරණය විය.

උපයනවිට ගෙවීම් සඳහාවන ආදායම් බද්ද

  • ගෘහස්ත නිෂ්පාදන සඳහා අය කරන භාණ්ඩ හා සේවා මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බද්ද
  • ආර්ථික සේවා ගාස්තු
  • බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද
  • කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද
  • පොලී මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු
  • ණය සේවා බදු

වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ පිළිදව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

Related posts

කතරගම මහ කපුවාට ඇප

Admin

QR කෝඩ් එකෙන් සියලු තොරතුරු දැන ගත හැකි සංචාරක මඟ පෙන්වන්ගේ අලුත් වන හැඳුනුම්පත

colombotoday

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin