Colombo Today Local News

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් නෑ… උපවාසයේ නිරත හිමිනමට මහානායක හිමි ඇතුළු දායක සභාවේ දැඩි විරෝධය !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීම සනාත කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක නිරත වන්නේ මුදලට යටවී බවට උන්වහන්සේගේ විහාරයේ දායකයෝ පවසති.

මේ අතර සුමංගල හිමියන්ගේ නිකායේ මහානායක හිමියන් අද එම ස්ථානයට වැඩමකර සුමංගල හිමියන්ගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගත් බවට වන ලියකියවිලි ඔහුගේ නීතිඥයන් විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර තිබෙන පසුබිමක එම ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දෙවන දිනටත් උපවාසයේ නිරත විය.

අද පෙරවරුවේ එමඉස්ථානයට පැමිණි සෙයිජින් නිකායේ මහානායක හිමියන්ගේ ඉල්ලීමද නොසලකා හරිමින් කරන උපවාසය සහ එම හිමියන්ගේ ක්‍රියා කලාපය ට විරෝධය පළ කරමින් උන්වහන්සේ විහාරාධිපතිත්වය දරණ වැලිවේරිය , මණ්ඩාවල, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන යේ දායක සභාව සාමකාමී විරෝධයක නිරතවිය.

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්!

Admin

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday