Colombo Today Local News

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි ගණනක මුදලක්, සුඛෝපභෝගී වාහන, නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු අද හෙළිදරව්වක් කළේය.

එම ආබාධිත රණවිරුවා පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු වන අතර ඉන්පසුව සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න යන මහත්වරුන් තමන් හමුවී ඔවුන්ට අවශ්‍ය දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක වීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දෙන බව ප්‍රකාශ කළ බවද මෙම ආබාධිත රණවිරුවා හෙළිදරව් කළේය.

රණවිරුවන් සමස්තය වෙනුවෙන් යුතුකම් ඉටු නොකොට ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි නිසා ඔවුන්ට සහාය දීමෙන් වැළකී ඔවුන්ගෙන් ඉවත් වී පැමිණි බවත් ඔවුන් තුළ තිබෙන තවත් මේ ආකාරයේ සිද්ධීන් ගැන හෙට අනිද්දා තවත් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කරන බවද මෙම ආබාධිත රණවිරුවා හෙළි කළේය.

Related posts

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin

“ලියුම් දුන්න ඇමති කිරිඇල්ල වැරදී නෑ.. වරද ලියුම ගත්ත එකාගෙයි.. ඒකා විශ්වවිද්‍යාලය පැත්තට වද්දගන්න හොද නෑ” – සරත් විජේසූරිය

colombotoday

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

colombotoday