Colombo Today Local News

මට බලයක් තියෙනවනම් සිවුරු ගලවලා යවනවා – ඥානසාර හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

ඊයේ පෙරේදා එක හාමුදුරුවෝ කෙනෙක් කියනවා, විරුද්ධවාදීන්ට පොවපියව් පහුවදා 4 වෙනකන් නැගිටින්න බැරි වෙන්න. කෝ ඒ නිකායේ අධිකරණ සන්ඝනායකයන් වහන්සේලා? මට මොකක් හරි බලයක් තියෙනවානම්, එක පැයයි… සිවුරු ගලවලා යවනවා. කෝ ධර්මය, කෝ අපේ ධර්ෂණය, කෝ අපේ පිළිවෙත. බලන්න සංඝයා වැටිච්ච තැන.

යැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව කියා සිටියේ ඊයේ (4) කොළඹ පදනම් ආයතනයේදී පැවති පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත “කදුළින් ලියැවුණ රටක අපේක්ෂා” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තව සංඝයාවහන්සේ කෙනෙක් බලාගෙන ඉන්නවා එක අපේක්ෂකයෙක් ජනේලයේ එල්ලන්න. දේශපාලන වේදිකාවේ අර පක්ෂ පාටවලට මුවාවෙලා සිවුර කරේ දාගෙන ඉන්න උන්දැලට විරුද්ධව කෝ නීතිය?

යැයි වැඩිදුරටත් අදහස් දැක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday