Colombo Today Local News

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

ඌව පළාත තුළ මේ වන විට නැවතත් හිස ඔසවමින් පවතින ඩෙංගු රෝගය පිටුදැකීම උදෙසා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කොට ඇත්තේ ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා සෞඛ්‍ය සම්පන්න දරු දැරියන් පිරිසක් බිහි කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, ඌව පළාතේ ආණ්ඩුකාරවරයා  වශයෙන්  තමන්ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බැවින් එකී වගකීම මූලාශ්‍ර කර ගනිමින්, අදාළ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ නියමුවා ලෙස තමන් විසින් පළාත් පාලන කොමසාරිස්වරයා පත් කරන බවයි.

එසේම ඌව පළාතේ පාසල් සිසු සිසුවියන් ගණන 2,86,414 ක් පමණ වන අතර ඉන් සියයට 90 ක් පමණම උපකාරක පන්තිවලට හෝ උසස් අධ්‍යාපනය සඳහා සහභාගි වන බවත් එසේ ළමුන් විශාල වශයෙන් එක් රොක් වන ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් වහාම එම ස්ථාන හදිසි වැටලීම් සිදුකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙසත් ආණ්ඩුකාරවරයා දන්වා ඇත.

Related posts

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගය විරෝධතාවයක

colombotoday

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday