මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් LED පුවරුවල සහ සිනමාශාලාවල සිදුකරන දේශපාලන දැන්වීම් වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් Emerging Media (Private) Limited ආයතනය විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සම සඳහා නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරු නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටියි.