Colombo Today Local News

රවුෆ් හකීමුත් නඩු ඇසූ පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

පාස්කු ඉරුදින එනම් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අද (23) ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අදාළ කාරණා සම්බන්ධයෙන් විධිමත්ව සොයා බැලීමට යම් කාලයක් ගත වු බැවින් යම් ප්‍රමාදයක් වු බවත් විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, දේශපාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් පාස්කු ප්‍රහාරයට අදාලව ප්‍රකාශ හා සාක්ෂි විමසූ මෙම තේරීම් කාරක සභාවේ විනිශ්චයච ආසනයේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය රවූෆ් හකීම්ද කටයුුත කළේය.

ත්‍රස්තවාදී සහරාන් සමග හකීම් අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වන අයුරු දැක්වේන වීඩියෝවක් සහ සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් බෝම්බ අත්හදා බැලීමකදී සිදුවූ අනතුරකින් ප්‍රතිකාර ලබමින් සිිටියදී අමාත්‍යවරයා ඔහුගේ සුවදුක් විමසන අයුරු දැක්වේන ඡායාරූපයක් දින කිහිපයකට පෙර මාධ්‍යට අනාවරණය විය.

ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා පවත්වමින්, ඔවුන් සමග සමීපව කටයුතු කළ හකීම් අමාත්‍යවරයා කිසිවෙක් නොදත් අයෙකු මෙන්, පාස්කු ප්‍රහාරය පිළිබදව අන් අයගෙන් සාක්ෂි විමසීම ‘හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්“ යැයි මේ දින වල සමාජ ජාලාවල අදහස් පලවෙමින් පවතී.

Related posts

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

ජලාශ 05 ක වාන් දොරටු අරී

colombotoday

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්

Admin

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday