ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවා තිබෙනවා.
නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සදහා සජිත් පේමදාස මහතා විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වෙත දන්වා ඒවා තිබෙනවා.