Colombo Today Local Newsජනාධිපතිවරණය

පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට අදාළව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය වෙනස් කිරීමට මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මීට අමතරව පක්ෂයට විරුද්ධව කටයුතු කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 14 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කළ බවත්, ඉන් හතරදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව දැනට පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙන එස්.බී. දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා හා ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු නොකළහොත් 05 වැනි දින මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ තීන්දුව ගැනීමට තීරණය වූ බවද දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.  

Related posts

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

colombotoday