Colombo Today Local News

විශ්‍රාම නොයන බව ජනපති කියයි.

රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටුකළ බවයි.

Related posts

අටුළුගම දැරිය ඝාතනය : 29 හැවරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

colombotoday

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday