Colombo Today Local News

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන  කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු  පුද්ගලයින් 6 දෙනා තව දුරටත් ලබන මස 9 වැනි දින   දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (25))නියෝග කළේය.

බන්ධනාගාරයේදී  කංජිපානි ඉම්රාන්ට   කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  ඔවුන් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65)සද්ධර්ම මාවත කොළඹ 10,මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්(28 ) .මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්(28)  , මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්(23) මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28 ) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනා මෙලෙස නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
   
කංජිපානි ඉම්රාන් ගංජා ලඟ තබා ගැනිමේ චෝදනාවට වරදකරුවි  කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත  වසර හයක සිර දඩුවම් නියම කොට  සිටින විත්තිකරුවෙකි.

Related posts

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday