Colombo Today Local NewsTop Stories

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රේගුවට ලැබුණු රත්තරන් කිලෝ 45 කින් කිලෝ 8ක් සඳහිරු සෑයේ රත‍්‍රං බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කර තැන්පත් කිරීම සඳහා “අගයකලයුතු රාජ්‍ය කර්තව්‍යයන් සඳහා මුදාහැරීමේ පදනම” මත, නිසියාකාරව රාජ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් ලබාගත් බවත් එම පටිපාටිය මත පසුගිය කාලයේ ඇමතිවරයෙක් පන්සල්වලට ඇත් දල බෙදා දුන් බවත් රේගුවෙන් අත්අඩංගුවට ගත් සුදුහඳුන් දළදා මාලිගාවට පසුගිය කාලයේ ලබා දුන් බවත් මැදගොඩ අභයතිස්ස හිමි ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙම රත්‍රං තනි පුද්ගලයෙකුට ගිය දෙයක් නොවන බවත් රාජපක්ෂ පවුලේ බලවතකුගේ බලකිරීම මත රත්‍රං මුදා හැරීමට සිදුවූ බවට ප්‍රකාශ කරන ලෙස රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ දෙපලකට බල කිරීමක් සිදුකර ඇති බවත් මේ සඳහා බලපෑම් කලේ ගෝඨාභය රාජපක්ෂ බවට පවසන ලෙස අපරාධ විමර්ශන අංශ ප්‍රශ්න කිරීමේදී පවසා ඇති බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ, එල්ලාවල මේධානන්ද හිමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එකතුව සජීවී විකාශයක් අතරතුර සඳහිරු සෑයේ තැන්පත් කල බවත් මේ රන් පිළිම වහන්සේ තැන්පත් කිරීම වරදක් සේ සලකා අහිංසක රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙනවානම් ඊට පෙර මෙම කාර්ය සඳහා උපදෙස් ලබා දුන් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අභයතිස්ස හිමියෝ පැවසුහ.

Related posts

රෝගය රටට ඇවිත් වසර එක හමාරකට වැඩි කාලයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුවෙන් තියෙන්නේ කයිවාරුයි පම්පෝරි විතරයි..

colombotoday

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා. තවත් අලුත් ක්‍රීඩාංගන ඕනි නෑ – අර්ජුණ රණතුංග කියයි

colombotoday

පැල් රැකලා එමින් සිටි පුද්ගලයෙක් වන අලියා බිලි ගනී

Admin

ඩොලරය තවත් පහලට

Admin

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday