Colombo Today Local News

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

සුළු ජාතීන්ට වැඩකරන ජනාධිපතිවරයකු මේ රටට් ජනාධිපති විය යුතු බව විශේෂ සංවර්ධන ඇමැති වී. රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවැසීය.

රාධා කි‍්‍රෂ්ණන් ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ 14දා එම අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනවලින් රු.ලක්‍ෂ 10 ක වියදමින් නෝර්වුඞ් වෙන්චර් වතුයායට පිවිසෙන මාර්ගය කොන්ක‍්‍රීට් අතුරා ප‍්‍රතිසංස්කරණය කර වතු කම්කරු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේදීය.

මේ රටේ සුළු ජාතීන්ට වැඩ කරන රටම ඉල්ලන එක්සත් ජාතික පක්‍ෂය දිනවීමට හැකි ජනාධිපති අපේක්‍ෂකයකු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවත්, එම අපේක්‍ෂකයා කවුරුද යන්න තමන් සහ වතුකරයේ ජනතාවත්, රටේ ජනතාවත් දන්නා බවත් රාධා කි‍්‍රෂ්ණන් ඇමැතිවරයා පැවැසීය.

එම අපේක්‍ෂකගේ නම තමන් කල් තියාම හෙළි නොකරන බවත්, එය එක්සත් ජාතික පක්‍ෂයේ කාර්ය භාරය බවත් ඔහු කීවේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත්, ජනාධිපති මැතිවරණයෙන් පසුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව ඇමැතිවරයා පැවැසීය.

එම සෑම මැතිවරණයකටම මුහුණදීමට තමන් ඇතුළු වතුකරය නියෝජනය කරන අනෙකුත් දේශපාලනඥයන් සූදානමින් සිටින බවද ඇමැති වී රාධා කි‍්‍රෂ්ණන් මහතා කියා සිටියේය.

Related posts

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

Admin

“ෆර්දාව ප්‍රශ්නයක් කරගන්න එපා“ නාවලපිටිය විභාග මධ්‍යස්ථානයේ සිදුවීම ගැන අධ්‍යාපන ඇමතිගේ අදහස

colombotoday

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday