Colombo Today Local News

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

“ඥානසාර හිමි එල්ලන්න ඕනි” නාගනන්ද කොඩිතුවක්කු මා සමග පැවසුවා

දිනය 2018 ඔක්තෝබර් 8 ගම්සභා උසාවිය අසල සුදු තාප්පයක් සහිත නිවසකට මා සහ මගේ මිතුරු කිර්ති දුනුවිල පැමිණියේ වෙබ් අඩවියක් සඳහා නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු ගෙන යන මතවාදය පිළිබඳව ඔහු හමුවී සම්මුඛ සාකච්චාවක් ලබා ගැනීමටය.

අප පැමිණි කාරණය සඳහා ගඳ ගසන සුනඛයන් දෙදෙනා බාදාවක් කර නොගත් අතර සුළු කතාබහකින් අනතුරුව අවශ්‍ය සම්මුඛ සාකච්චාව ලබා ගන්නා ලදි.

ඒ අතරතුර අධිකරණ අපරාධ සම්බන්ධයෙන් ඇතිවුණු කතාබහක් අතර තුර මා විසින් “ඥානසාර හාමුදුරුවෝ සිරගත කිරීම පිළිබඳව ඔබ තුමාගේ අදහස මොකද්ද?” යනුවෙන් අසන ලදි.

එක්වරම ආවේශ වූ ඔහු ඉතා නරක වචනයෙන් ඥානසාර හිමිට බනින්නට පටන් ගත්තේය. භික්ෂුන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කිරීම සඳහා නුසුදුසු වචනයෙන් දැඩි ලෙස ඥානසාර හිමිට දෝෂාරෝපණය කල ඔහු “ඥානසාර එල්ලන්න ඕනි” යැයි පැවසීය. අවම තරමේ “හිමි, හාමුදුරුවෝ හෝ භික්ෂුන් වහන්සේ” කියාවත් ඔහු උන්වහන්සේව ආමන්ත්‍රණය කලේ නැත.

භික්ෂූන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නැති නාගනන්ද කොඩිතුවක්කු මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නැත.

එරන්ද කේ නවරත්න.

Related posts

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව නිලධාරින් 177 දෙනෙකුට උසස්විම්

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday