Colombo Today Local News

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

සරිපා සහ අන්සායි යන ඊශායල් ජාතික කාන්තාවන් දෙදෙනෙකු විසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මෙම කාන්තාවන් දෙදෙනා අධිකරණයේ නියෝග පරිදි 2019.08.13 දින මිගමුව බන්ධනාගාරයට ඇතුලත් කර ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාරයට ඇතුල් කරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබු පවුම් 50ක පමන රන් භාන්ඩ සහ රැපියල් ලෂ 03 මුදලක් බන්ධනාගාර නිලධාරිනියන් විසින් ලබාගෙන ඇති අතර මේ වන විට එම රන්භාණ්ඩ සහ මුදල් අස්තානගකවි ඇත. මේ පිළිබඳව එම කාන්තාවන් දෙදෙනා බන්ධනාගාර පාලනාධිකාරියට පැමිනිලි කර ඇත.

මෙම කාන්තාවන් බන්ධනාගාරයට ඇතුලත් කරන අවස්තාවේදී රාජකාරියේ යෙදිසිටි නිලධාරිනියන් එම භාන්ඩ තමන්ගෙන් බලෙන් ලබාගත් බවට ඊශායල් කාන්තාවන් ප්‍රකාශ කර ඇති අතර මෙම මුදල් හා භාන්ඩ බන්ධනාගාර නිලධාරිනියන් විසින් සොරාගෙන ඇති බවට මේවනවිට අනාවරනයවි ඇත.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday

පාතාල සල්ලිවලින් දරුවන් පෝෂණය කරන්න එපා. ආරක්ෂක ලේකම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලයි

colombotoday

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday