Colombo Today Local News

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

Related posts

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි… මන්ත්‍රීලා සභාගැබෙන් පිටවෙයි….

colombotoday

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

colombotoday

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

colombotoday

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

colombotoday