Colombo Today Local Newsfeatured

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විනාශයට පත්වන තවත් පුරාවිද්‍යා නටබුන් සහිත විහාර සංකීර්ණයක්යැයි සැක කල හැකි ස්ථානයක් පිළිබඳව තොරතුරු මන්නාරමෙන් වාර්තා වෙනවා.

මැදවච්චියේ සිට මන්නාරම වෙත දිවෙන A14 මාර්ගයේ මුරැන්ගන් සිට මැදවච්චිය දෙසට 2Km ගමන් කළ විට කත්කන්ඩකුලම් හංදිය හමුවේ. එම ස්ථානයෙන් දකුණු දෙසට කත්කන්ඩකුලම් ගම්මානය වෙත ගමන් ගන්නා මාර්ගයේ 1KM ගමන් කල විට මෙම පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානය හමුවේ.

මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් ඉතා පෞරාණික බෞද්ධ විහාරයක් බවට සැක කල හැකි නටබුන් තවමත් ඉතිරිව ඇත. 30 වසරක් පැවති යුද්ධය හා ද්‍රවිඩ ජනතාව ජනාවාස ගොඩනගා ගැනීම හේතුවෙන් විහාර භූමිය ඉතා කුඩා බිම් කැබැල්ලකට මේ වන විට සීමා වී ඇත. පුරාවිද්‍යා භූමියක් බවට දන්වා සවිකර තිබූ පුවරු ගලවා විසිකර එම ඉඩම කෙසෙල් වගාවට යොදවාගෙන ඇත. ඒ සඳහා පුවරුවේ ඉතිරිව ඇති පාදම සාක්ෂි දරනු ඇත.

2018 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ අවිධිමත් කැණීමක් සිදුකොට ඇත. පසුව කිසිදු සංරක්ෂණ වැඩපිලිවෙලක් සිදු නොකොට, නටබුන් විනාශ වීමට ඉඩ සලස්වා ඔවුන් ආපසු ගොස් ඇත. කැනීම් සඳහා ඉවත් කරන ලද ඉපැරණි ගඩොල් අසල ගොඩගසා ඇත. එමගින් සිදුවී ඇත්තෙ විනාශය දෙගුණ තෙගුණ වීමක් පමණි.

තවද පුරාවිද්‍යා විහාර භුමිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරියෙකු යොදවා නොමැත. එම නිසා ඕනෑම පුද්ගලයෙකුට මිල කළ නොහැකි පුරාවස්තු සොරකම් කිරීමට හෝ විනාශ කර දැමීමට ඉතා පහසුවෙන් හැකියාව ඇත.

කෙසෙල් වගාවට බිලි වූ ඉපැරණි බෝධීන් වහන්සේ පසෙකින් වැඩ සිටින අතර කඩා විනාශ කර දැමූ බුදුපිලිම වහන්සේලා දෙනම , විහාර ගෙයකැයි අනුමාන කළ හැකි පාදම මෙලෙස ඉතිරිව තිබෙන්නේ ජාතියේ අවනඩුව කියා පාමිනි.

Related posts

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

ඩොලරය අදත් ඉහළ යයි

Admin

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

colombotoday