Colombo Today Local News

2010 ෆොන්සේකාට ජන්දය දෙන්න පුලුවන්නම් ගෝඨාභයට දෙන්න බැරි ඇයි – කරුණා අම්මාන් දෙමල සන්දානයෙන් අසයි

යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ  දෙමළ ජනතාව ඝාතනය කළ සරත් ෆොන්සේකා මහතාට  ඡන්දය ලබාදෙන ලෙස 2010 වසරේදී කිසිදු කොන්දේසියක් නොමැතිව දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කළ බව විනයාගමුර්ති මුරලිදරන් මහතා පවසනවා.

මඩකලපුව, කල්අඩි පක්ෂ කාර්යාලයේ පැවති දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ කාරක සභා රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බවයි මුරලිදරන් මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය ලබාදීමටද තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය අප්‍රේල් මස 21 වැනි දින එල්ලවු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් 200 කට අධික දෙමළ වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වු බවත්, අද වන විට රටේ ආරක්ෂාව ගැටළුවක් වි ඇති බවත් ඒ මහතා එහිදි කියා සිටියා.

එම රැස්වීම අමතමින් විනයාගමුර්ති මුරලිදරන් මහතා සඳහන් කළේ, වත්මන් තත්ත්වයෙන් රට බේරාගැනීම තම යුතුකම සහ වගකීමක් වන බවයි.

දෙමළ ජනතාවට, වත්මන් රජය පොරොන්දුවු පරිදි කිසිදු දේශපාලන සිරකරුවෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කටයුතුකර නොමැති බවටයි ඔහු එහිදි චෝදනා කළේ.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කර පරිදි සරත් ෆොන්සේකා මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හැකි වුවානම්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවයි එම උත්සවය අමතමින් විනයාගමුර්ති මුරලිදරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලා

colombotoday

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin