Colombo Today Local News

ගෝටාගේ පාස්පෝට් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇතැයි පොලිසිය කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ලක් ලද විට විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, ඒ අනුව මෙම පැමිණිලි විමර්ශනය සඳහා යොමු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

– lankadeepa

Related posts

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

colombotoday

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

Admin

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday