Colombo Today Local News

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්  සන්ධානය සඳහන් කරයි.

එවැනි තීරණයක් තවම ගෙන නොමැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වෙන බවත් සිදුකරන සාකච්ඡා මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද අද (15 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Related posts

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

Admin

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

colombotoday

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday