Colombo Today Local News

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

සුදුසුකම් නොලත් සයිටම් උපාධිධාරීන් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නැයි පසුගියදා අධිකරණය විසින් නියෝග කිරීමත් සමග රජය විසින් අධිකරණය හරහා වෛද්‍ය සභාවට බලපෑම් කිරීමට ගෙනයන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක් පවත්වනු ලැබීය.

මෙම විරෝධතාව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව අද(01) දහවල් 12 ට පමණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට දී පැවැත්විණි.

ඒ අනුව අධිකරණය හරහා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කල නොහැකි බවත්, ජන බලයෙන් පැරදවූ සයිටම් හොර උපාධි කඩයට යළි පන දෙන කුමන්ත්‍රණය පරාද කලයුතු බවයි විරෝධය පලකල වෛද්‍ය සිසුන් විසින් සදහන් කර සිටියේ.

Related posts

24 හැවිරිදි තරුණයෙක් තට්ටු 08කින් වැටී මිය යයි

Admin

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

colombotoday

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

colombotoday