Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක් නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

මහනුවර සිරිමල්වත්ත, ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වන නාමයන් අනුව සුදුසු අපේක්ෂකයා ඒ අවස්ථාවේදී නම් කරන බවද දයා ගමගේ මහතා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කවුරුන් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin