29 C
Colombo
9 April 2025
Colombo Today Local News

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් මෙම නියෝගය සිදුකළ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුවයි මෙලෙස අද අධි චෝදනා පත්‍ර භාරදෙනු ලැබුවේ.

එම අධි චෝදනා  සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්නන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විත්තිකරුවන් වෙත භාරදී තිබෙනවා.

අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වු ශරීර ඇප 03 ක් මත මුදාහැරිමට නියම කළ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, විත්තිකරුවන්ගේ විදේශ ගමන් වලක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියම කළ බව සඳහන්.

2018 වසරේ මැයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදි කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකරදීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදී මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම විත්තිකරුවන් වන්නේ, ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානිවරයෙකු වන ආචාර්ය අයි.එච්.කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් දෙදෙනායි.

Related posts

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

“රණවිරු ප්‍රහාරයට අපේ නම් පාවිච්චිකර ජනපතිවරයා නොහැකියාව වහගන්න හදනවා“ බෙංගමුවේ නාහිමි

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday