Colombo Today Local News

ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කළ හිරා පදනමට තවමත් ලියාපදිංචියක් නෑ.

අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් ලියාපදිංචි කළ නොහැකි බව 2012දී දැනුම් දීලා

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය ඉදිකරන ලද හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ “හිරා පදනම” පිළිබඳ අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් එම පදනම ලියාපදිංචි කළ නොහැකි යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය 2012 වසරේදී හිස්බුල්ලා මහතාට දැනුම් දී ඇත.

එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2011 වසරේ ජුලි මස හත්වැනිදා “හිරා පදනම” ලියාපදිංචි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත අයදුම්පතක් යොමු කර තිබේ.

එහෙත් එම පදනම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය යහපත් නිර්දේශයක් ලබා නොදී අහිතකර බුද්ධි වාර්තාවක් භාර දී ඇති බැවින් හිරා පදනම ලියාපදිංචි කිරීමට අවසර නොදෙන බව එවකට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හිස්බුල්ලා මහතාට දන්වා යවා තිබේ.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම හිරා පදනම තවමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පදනමක් නොවන බවට එහි අධ්‍යක්ෂවරයකු වන ආර්.එස්.කේ. ලේල්වලගේ මහතා ඊයේ (26දා) අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙතද දන්වා ඇත.

Divaina

Related posts

කවුරුන් හෝ නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වනවා – සරත් වීරසේකර

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව රහස් එකඟතාවයක- අනුර

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin