Colombo Today Local News

ඡන්ද 2000 ට හිස්බුල්ලා සහරාන්ගේ සමග ගිවිසුමක් ගිවිසිමුක් ගහලා – හිස්බුල්ලා පිළිගනියි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් නැමැත්තා එක් වතාවක් තමාව හමුවී ඇතැයි හිටපු නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට එන්න ආරාධනා කළ බවත් පැවසු හිස්බුල්ලා මහතා ඔහු එවකට දේශපාලනික වශයෙන් තමා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්ට කථා කර බවද කියා සිටියේය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදයෙක් ලෙස කටයුතු කර බවත්, ඔහු ඒ කාලේ ත්‍රස්ථවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා මහතා පවසයි.

පසුව ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වු බවත් පැවසු හිස්බුල්ලා මහතා, පසුව එම කොන්දේසි කඩ කිරිම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය.

රැස්වීම්වල සිංදු දාන්න බෑ, කාන්තාවන්ට හා පිරිමින්ට එක්ව රැළිවලට සහභාගි වීමට නොහැකි යන කොන්දේසිවලට තමා අකමැති වු බව ද පැවසු හිස්බුල්ලා මහතා, ඡන්ද 2000 කින් පමණ තමාව සහරාන් පැරදු බව ද පැවසීය.

මේ අතර, සයින්දමර්දු ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයන් මියගිය නියාස් ෂරීෆ් නැමැත්තා ද සහරාන්ගේ සහයකයෙක් වන බවත් ඔහු තමාට එරෙහිව ෆේස් බුක් තුළින් නොයෙක් විකෘති මතවාද ගෙන ගිය බවත් හිස්බුල්ලා වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.

කෙසේ වෙතත් ඔහුවත් තමා 2017 මාර්තු මාසයෙන් පසුව නොදැක්ක බවත්, පැවසු ඒ මහතා සහරාන් කිසි විටෙකත් තමාට උදව් කර නොමැති බවත්, තමා සහරාන්ට උදව්කර නොමැති බවත් සහරාන් තමා විනාශ කිරීමට පැමිණි අයෙක් බවත් හුස්බුල්ලා මහතා තවදුරටත් පැවසීය.

Related posts

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

colombotoday

“මඩ පුවත් පලකලාට මගේ ලේකම්, රුවන් ඉවත් කරන්නේ නෑ” මංගල කියයි – පුවත පලකල ඊ නිව්ස් නියෝජිතයාත් මංගලගේ ලේකම්වරයෙක්

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday