Colombo Today Local News

බදියුදීන්, සාලි සහ හිස්බුල්ලාට එරෙහිව ජනපති නියෝගයෙන් පරීක්ෂණයක්. සාලිට ඉවත් වෙන්න දවල් 12 වෙනතුරු කල් දෙයි

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහළ පෙලේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව නෙත් News වාර්තා කර සිටිනවා.

අද (03) දහවල් 12.00ට පෙර ආණ්ඩුකාර අසාද් සාලි වහාම ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍ය ධූරය පිළිබඳ තීරණයක් ගතයුතු බවත් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මේ අතර මීට පෙර වාර්තා වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් nethnews වෙත ප්‍රකාශ කර සිටි බවයි.

Related posts

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර | පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

colombotoday

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday