Colombo Today Local News

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) අනාවරණ කළේය.

ඒ සාක්ෂි විමසීම ආරම්භ කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර රැස්වූ අවසන් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පෙබරවාරි මස 19 වනදා වන බවද ඔහු මෙහිදී අනාවරණ කර සිටියේය.

බුද්ධි තොරතුරු අදාල අංශවලට දැන්වූවත් ඒ පිළිබදව පසු විපරමක් කිරීමේ බලය තමාට ලබා දී නොමැති බවද සිසිර මෙන්ඩිස් මහතා සදහන් කර සිටියේය.

Related posts

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

Admin

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday