Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදයට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අවිහිංසාවෙන් බැට දෙති !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ සමාජය ද දැඩි තිගැස්මකට පත්ව සිටී. විශේෂයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් හමුවේ දෙමළ සමාජය පසුගිය කාලයේ දැඩි බලපෑමකට ලක්ව තිබිණි.

නැගෙනහි මුස්ලිම් දේශපාලන අධිකාරියේ සෘජු මැදිහත්වීම මත ඉඩම් ආක්‍රමණය, කෝවිල්වලට පහරදීම්, යුද්ධයෙන් වැන්දඹු වූ දමිළ කාන්තාවන් මුස්ලිම් ජාතිකයන් විසින් විවාහ කරගැනීම හා දෙමළ තරුණියන් ඉස්ලාම් ආගමට බලහත්කාරයෙන් නතු කරගැනීම (කටුවාපිටිය බෝම්බකරුගේ භාර්යාව වූ පුලස්තිනී ද මෙලෙස ඉස්ලාම්කරණයට ලක්වූ දෙමළ තරුණියකි. ඇයද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්කර සිටි බවට අනාවරණය වී ඇත) වැනි සිදුවීම් නිසා දැඩි පීඩනයකට ලක්ව සිටියද ඊට එරෙහිව දෙමළ සමාජයෙන් ප්‍රබල හඩක් ඉස්මතු වෙනවා දක්නට නොලැබිණි.

ඊට මූලිකම හේතු වී තිබුණේ දෙමළ දේශපාලන නායකත්වය හා සිවිල් සමාජ නායකයින්, ආරක්ෂක හමුදාව හා සිංහල බෞද්ධ බහුතරය සිය පොදු සතුරා ලෙස සලකමින් සිය දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සිය එකම අරමුණ කරගනිමින් ක්‍රියාත්මක වීමය. ‘දෙමළ කතා කරන ජනතාව‘ ලෙස දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව සිය දේශපාලන අරමුණ වෙනුවෙන් ඒකාරාශී කිරීමට දෙමළ නායකයන් උත්සහා කළා මිස, දෙමළ සමාජයද පීඩාවට පත්කරමින් හිස ඔසවන ඉස්ලාම් වහාබ්වාදයට එරෙහිව ඔවුන් අවම තරමින්වත් හඩක් නැගුවේ නැත.

කෙසේ වෙතත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙමළ සමාජය තුළ ඉස්ලාම් අන්තවාදය ට එරෙහිව ප්‍රබල ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙමින් පවතී. එහි ප්‍රථිපලයක් ලෙස දෙමළ ජනතාව සාමුහික වශයෙන් මුස්ලිම් ව්‍යාපාර සමග ගනුදෙණු කිරීම නවතා දමා ඇති අතර, ඒ හේතුවෙන් නැගෙනහිර පළාතේ දෙමළ බහුතරයක් සහිත ප්‍රදේශවල මුස්ලිම් ජාතික ව්‍යාපාර 80%කටත් වඩා බිද වැටී ඇති බව දක්නට ලැබේ. මෙම තත්ත්වය හමුවේ දෙමළ තොග ව්‍යාපාරිකයන්ට ද ‍විශේෂ ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය වී ඇත.‍‍

මෙම තත්ත්වය පිළබදව අදහස් දක්වන දෙමළ ක්‍රියාකාරිකයකු වන ශිවනාදන් කනපතිපිල්ලේ මහතා සදහන් කරේ මෙවැනි අදහසක් “ඔවුන් අපට හිරිහැර කළා, අපේ කෝවිල් කැඩුවා, අපේ ඉඩම් බලෙන් අල්ලගත්තා. අපේ ගෑනු ළමයිනුත් පැහැර ගත්තා. එහෙත් ඔවුන් සමග ගනුදෙණු අපි අත්හැරියේ නෑ. දැන් අපට තේරිලා තියනවා, ඔවුන් මේ බලහත්කාරකම්, අන්තවාදීකම් කරන්නේ ආර්ථික ශක්තියෙන් කියලා. ඔවුන්ට ඒ ශක්තිය දීල තියන්නේ අපිමයි. ඒ නිසා දැන් අපිට අපේ දරුවන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අවිහිංසාවාදී තීරණයක් ගන්න වෙනවා. වෙන කරන්න දෙයක් අපට ඉතිරිවෙලා නෑ“

අම්පාර – ආර්. නිමලනාදන්, කමල් සුරවීර

Related posts

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

colombotoday

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin