Colombo Today Local News

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග නම් කිරීමේදී වෙනත් භාෂාවක් භාවිත නොකළ හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ. 

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල මාර්ග හා නාම පුවරුවල අරාබි භාෂාවද මෑතක සිට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවනාතාවක් ඇතිවී තිබේ.

දිවයිනේ වෙනත් ස්ථානවලද ඇතැම්විට ස්ථාන නාම හැදින්වීමේදී අරාබි බස යොදාගෙන තිබෙනු දක්නට හැකිය.

Related posts

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

ශ්‍රි ලංකා රජයත් සමානුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාව සම්මත වෙයි…

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday