Colombo Today Local News

ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 අතර: නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් 20 ට කලින් සිදු කරන්න

මීලඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 15 වෙනිදාත් දෙසැම්බර් මස 7 වෙනිදාත් අතර දිනෙක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත​.

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම ලබන ඔක්තෝබර් 20 හෝ ඊට පෙර සිදු කල යුතු බව දේශප්‍රිය මහතා පැවසුවේය​. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේ මූලික කටයුතු ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද ඔහු සඳහන් කලේය​. ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ අවසානයේ පැවැත්වීමට නීතියෙන් බධාවක් නැති හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධා ඉවත් කර ගැනීම සඳහා කොමිසම උපරිම උත්සාහ ගන්නා බවද ඔහු කීය​.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බවද ඒ අනුව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුල මැතිවරණ දෙකම පැවැත්වීමට වුවද කොමිසම සූදානම් බව මහින්ද දේශප්‍රිය මහතා කීය​.

පළාත් සභා මැතිවරණය හොරු අරගෙන ඇතැයිද කී මහින්ද දේශප්‍රිය මහතා ඇතැම් පිරිස් පළාත් සභා මැතිවරණයට හොරකම් කිරීමට අනුබල ලබා දී ඇතැයිද පැවසීය​. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 08 වැනිදින හෝ ඊට පෙර ධූරයේ දිවුරුම් දිය යුතුය​.

Related posts

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

colombotoday

යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි, පොළොන්නරු ගමන හදිස්සියේ අවලංගු කරයි

colombotoday

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

බුදුන් මිනිමස් වැළදුවායැයි අපහාසකළ තවුහිඩ් ජමාත් අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday