Colombo Today Local News

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ  අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.

නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක‍්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.

මේ අතර පසුගිය දා සිදුවූ  සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ‍්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.

ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.

මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක‍්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙහි අද (19) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද මෙම වැඩසටහනට වැඩම කර සිටියහ.

Related posts

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

කැබිනට් වෙනස පෙනි පෙනී පේරාදෙණියට අනධ්‍යන පත්වීම් 100ක් ලබාදෙයි..

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

“කැලෑ කපද්දි.. පස් කපද්දි අල්ලන්නැති උන්ට හෙණ ගහපං“ – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday