තම දරුවන් වැනි අහිංසක ගැහැණු ළමයින්ට පවා පන්නගෙන ගොස් පහර දීම පොලීසියේ මුර්ගභාවය ප්‍රදර්ශනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ජාතික පොලිස් කොමිසම පිහිටුවා ඇති නිසා සියලු වගකීම් එම කොමිසමට පවරා ආණ්ඩුව ඇග බේරා ගැනීමට සූදානම් වන නමුත්, පොලිස් කොමිසම හා ව්‍යවස්ථාදායක සභාව හංස පැටවුන්ගෙන් පිරුණ ඒකපාර්ශවිය තැනක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
ස්වාධීන කොමිසන් සභා වලට පත් කර ඇති අය පසුගිය සමයේ ආණ්ඩුවට කඩේ ගිය අය බවත්, දේශපාලනීකරණය වූ පොලිස් සේවය සහ රාජ්‍ය සේවයට ස්වාධීන කොමිසන් ලේබලය අලවමින් ජනතාව රවට්ටන ඇස් බැන්දුමක ආණ්ඩුව යෙදී සිටින බවයි ඔහු චෝදනා කරන්නේ.