Colombo Today Local News

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දුර ගමන් බස් රථ නවතනු ලබන මුස්ලිම් හෝටලයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් අද සවස සොයාගත් බව වවුනියාව කනගරායන්කුලම ආරක්ෂක අංශ පවසයි

ආරක්ෂක අංශ පැවසුවේ පොලිස් හා යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ පවතින මුස්ලිම් ජාති‍කයෙකුට අයත් හෝටලක වළ දමා තිබු අදාළ පුපුරණ ද්‍රව්‍ය එලෙස ‍සොයාගෙන ඇති බවයි.

පීඩන බෝම්බ 03 ක්, ආර්පිජි උණ්ඩයක් හා පතුරම් කිහිපයක් එහි තිබී සොයාගෙන ඇත.

අදාළ පුපුරණ ද්‍රව්‍ය පැරණි තත්වයේ පවතින බවත් හෝටල් හිමිකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගනු ලැබුවේ කුමන කාරණාවකටද යන වග සොයා පරීක්ෂණ පවත්වන බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා හෝටලයේ හිමිකරු කනගරායන්කුලම පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ ඉන්ධන දීමනාව කපා හැරේ

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday