Colombo Today Local Newsextremism & terrorism activities

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

21 වනදා කොළඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් “ජාතික තව්හිද් ජමාත්” සංවිධානයට එල්ලවන චෝදනා හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මැලේසියානු පුවත් වෙබ් අඩවියක් සමග දුරකථනයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වනදා වන අතර, ඒ වන විටත් ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්වන බවට රාජ්‍ය බුද්ධි අංශය රජයේ බලධාරීන් හා ඉහලපෙළේ දේශපාලඥයන් වෙත දන්වා තිබූ බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි බුද්ධි අංශ අනාවරණය කළ ජාතික තව්හිද් ජමාත් කල්ලියේ ප්‍රධානී මොහොමඩ් සහරාන් සමග හිටපු අමාත්‍ය හිස්බුල්ලා පෙනී සිටින ඡායාරූපයක්ද මේ වන විට සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතිනවා. එමෙන්ම ‘ජාතික තව්හිද් ජාමත්‘ කල්ලියට හිටපු අමාත්‍ය හිස්බුල්ලාගේ දේශපාලන රැකවරණ හිමිවන බවට 2017 මාර්තු මසදී Colombotoday පලකල පුවතකින්ද අනාවරණය කර තිබෙනවා.

2017 මාර්තු 14 Colombotoday පලකළ පුවත යොමුව

මේ අතර ඊයේ 22 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ පසුගිය දිනවල වනාතවිල්ලුවේදී හමුවූ අවි ගබඩාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රබල දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් නිදහස් කර යවා ඇති බවයි. එසේ නිදහස් කර යැවූ එක් සැකකරුවෙක් 21වනදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එක ප්‍රහාරයකට සම්බන්ධ යැයි අනාවරණය වී තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ ය.

හිටපු අමාත්‍ය හිස්බුල්ලා මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදියා සමග
theleaders-online මැලේසියානු වෙබ් අඩවියට ආණ්ඩුකාර හිස්බුල්ලා ලබාදුන් ප්‍රකාශය
යොමුව

එහි හඩ පටය

Related posts

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

Admin

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin